Wednesday, September 18, 2019

SALESFORCE TRANSIT CENTER BUS RAMP BRIDGE


මෙවර ලිපියෙන් අප සාකච්චාවට ගැනෙන්නෙ ඇමෙරිකාවෙ සැන් ෆ්රැන්සිස්කො නුවර  2018 වර්ෂයේදී විවෘත කරන ලද අළුත්ම පාලමක් ගැන.  අනු පාලම් 9කින් සමන්විත මෙහි , ප්රධාන පාලම Cabel Stay යනුවෙන් හැදින්වෙන පාලම් වර්ගයට අයත් පාලමක්.  තේරුම් ගැනීමේ පහසුව උදෙසා, මෙම පාලමේ හරස් කඩ ව්යුහයක්  ( Longitudinal Section) පහත දක්වා තියෙනවා.
copy rights : by Aspire; Qiyu Liu, Arup




අඩි 273'- 4" දිග (  මීටර 82)  පමන වන මෙහි ප්රධාන පාලම කේබල් ස්ටෙ  ( Cable Stayed) වර්ගයට අයත් පාලමක්. අනුපාලම්ද සහිතව මෙම පාලමේ මුළු දිග  අඩි 1849 ( මීටර 554) ක් පමන වෙනවා.

මෙම පාලම ඇදා තිබෙන්නේ  සේල්ස් ෆොර්ස්  අන්තර් බස් රථ හුවමාරු මධ්යස්ථානයට ( Salesforse Transit Center) . ප්රධාන කේබල් ස්ටේ පාලම අවසානයේ අඩි 52'-3" ( 15m ) ක් දිග ඩ්රොප් ඉන් ස්පෑන් ( drop in Span) එකක් මගින් එය, අන්තර් බස් රථ හුවමාරූ මධ්යස්ථානයේ දෙවෙනි මහල හා සම්භන්ධ කෙරෙනවා.

copy rights : by Aspire; Qiyu Liu, Arup
ප්රධාන කේබල් ස්ටේ පාලමකොන්ක්රීට් දිවිත්ව බොක්ස් ගර්ඩර්  ( Double box girder) හරස් කඩකින් යුක්ත වන අතර , අධි ශක්තිමත් කම්බි මගින් එය අඩි91 පමන උස කොන්ක්රීට් කණුවකට ඈදා තිබෙනවා.

copy rights : by Aspire; Qiyu Liu, Arup



මෙම පාලමේ ඉදිකෙරුම් පිරිවැය ඇමෙරිකානු  ඩොලර් මිලියන 59.7 ක්  නැතිනම් රුපියල් බිලියන 10.75 ක් පමන වෙනවා. එහි හිමිකාරිත්වය   Transbay Joint Powers Authority සතු වෙනවා.
copy rights : by Aspire; Qiyu Liu, Arup


මෙහි ප්රධාන පාලමේ දිවිත්ව බොක්ස් ගර්ඩර්ස්, එකිනෙක් යා කෙරෙනුයේ  කොන්ක්රීට් ලින්ක් බිම් එකක් මගින්. ප්රධාන පාලමේ කේබල් සවි වී ඇත්තේ මෙම ලින්ක් බීම් වලට. එමගින් පාලමට  ඉණිමගක ස්වරූපයක් ලැබෙන අතර, ඉන් ලැබෙන වාසිය වන්නේ දිවා එලිය පාලම යටට ලබා ගැනීමට හැකි වීමයි. එය පාලම යට දිවෙන අනෙකුත් පාරවල් වලට වඩා හොද එලියක් හා නිර්මාණාත්මක බවක් ලබා දෙනවා.

copy rights : by Aspire; Qiyu Liu, Arup
මෙම පාලම නිර්මාණය කිරීමේදී ඇතිවුනු තාක්ෂණික අභියෝගයන් අතරින්ප්රධාන පාලමත් බිල්ඩිමත් අතර වි්යුහාත්මක සම්භන්ධය නිර්ණය කිරීම ප්රධාන තැනක් ගනු ලබනවාමෙහිදි යොදා ගනු ලැබු එක්පැන්ශන් ජොයින්ට් එක අඩි 2ක් පමන වන පාලමේ පැති  සෙලවීම් වලට ඔරොත්තු දෙන ආකාරයේ එකක් විය යුතුව තිබුනාපාලම භූමිකම්පාකට පවා ඔරොත්තු දෙන අයුරින් නිර්මානය කර ඇති නිසා මෙවෙන් විශාල පැති සෙලවුමකට මෙය ඔරොත්තු දෙන ආකාරයේ එකක් විය යුතුව තිබුනාමේ ගැටළුව විසදීම සදහා මොඩියුලර් ආකාරයේ එක්පැන්ශන් ජොයින්ට් වර්ගයක්  බාවිතා කර තිබුනා. එය පාලමේ දික් හා පැති සෙලවීම් වලට ඔරොත්තු දෙන ආකාරයේ විසදුමක්.

අවසාන වශයෙන් මෙය 2018  සැම්තැම්බර් මාසයේදී භාවිතය සදහා විවෘත කරන ලද අතර සිවිල් ඉංජිනේරූ ව්යුහාත්මක  වශයෙන්ද ඉතා වැදගත් නිර්මානයක් ලෙස මෙය හැදින්විය හැකියි.

the copyrights of the all photos belongs to Aspire, Qiyu Liyu of Arup . The photos are used only for educational purpose.

4 comments:

  1. Thanks for sharing a wonderful site thanks once again.

    ReplyDelete

  2. Thanks so much for sharing your wisdom and experience.Building material

    ReplyDelete
  3. hanks so much for sharing your wisdom and experience.Sanitaryware

    ReplyDelete
  4. Thanks so much for sharing your wisdom and experience.Cements

    ReplyDelete