නමුත් අප කථා කිරීමට යන තාප්ප බිත්ති ( rammed earth wall) ක්‍රමය ලංකාවේ එතරම් බහුලව යොදා නොගන්නා ක්‍රමයක්. මෙම ක්‍රමය ලංකාවේ දැනට බහුලව කෙරෙන පිලිස්සු ගඩෝල් හා සිමෙන්ති බ්ලොග් ගල් බිත්ති වලට විකල්ප ක්‍රමයක්.
තාප්ප බිත්ති සෑදීමට ලංකාවේ බහුලව ඇති ලැටරයිට් පස යොදා ගත් හැකියි. උදාහරනයක් ලෙස කදු බෑවුමක් ගෙයක් තැනීමට අදහස් කරන අයෙකුට, බෑවුම සමතල කිරිමේදී ඉවත් කෙරෙන පස් මේ සදහා යොදා ගැනීමට හැකියි.
මෙම ක්‍රමයේදී පලමුව ලැටරයිට් පස පෙරෙනයකින් හලා ගත යුතු වෙනවා. ඒ පස් වල ඇති ලොකු පස් කැට ඉවත් කර ගැනීම සදහයි. එසේ පෙරා ගත් පස් ලී වලින් සදා ගත් අච්චුවක් තුල ක්‍රමාණුකූලව තද කිරීමේන් අපට අවශ්‍ය බිත්තිය සදා ගත හැකියි.
කෙසේ නමුත් තනිකරම පස් වෙනුවට සිමෙන්ති ඉතා ස්වල්ප ප්‍රමානයක් මිශ්‍ර කිරීමේන් මෙම තාප්ප බිත්ති වල පලදායිභාවය ඉතා වැඩි ප්‍රමානයකින් ඉහල දැමිය හැකියි. මේවා Cement stabilized rammed earth බිත්ති ලෙස හදුන්වනවා. සිමෙන්ති මිශ්‍ර කිරීම මගින් බිත්තියට අමතර ශක්තියක් ලබා දෙනවා මෙන්ම එමගින් බිත්තියේ ඝනකම අවශ්‍ය නම් අඩු කර ගත හැකියි. එසේම එමගින් වැස්සෙන් හා සුලඟින් බිත්තියට වන හානිය අවම කරනවා මෙන්ම කෙලින් බිත්තියක් බැද ගැනීමටද උදව් වෙනවා.ඇත්තෙන්ම මෙය තමයි ලංකාවේ වඩාත් ප්‍රචලිත ක්‍රමය.
තාප්ප බිත්ති වල (rammed earth) තියෙන ලොකුම වාසිය නම් ගේ ඇතුලත රස්නය පාලනය කිරීමට එයට ඇති හැකියාවයි. ස්භාවිකවම තාප්ප බිත්තිවලට ඉතා ඉහල උෂ්ණත්ව ධාරිතාවක් තියෙනවා. එම නිසා අධික රස්නය ඇති දවල් කාලයේදී, එම බිත්තී තාපය උරා ගන්නා නිසා කාමර ඇතුලත රස්නය අඩු වෙනවා. රස්නය අඩු රාත්‍රී කාලයේදී එය නැවත තාපය මුදා හරින නිසා රාත්‍රියට කාමරය ඇතුලත සීතල එමගින් පාලනය වෙනවා.මෙය ගෘහ නිර්මාන ශිල්පයේදී passive solar design ලෙස හදුන්වන, එයට අයත් හොද තාපය උරා ගන්නා ව්‍යුහයක්.මෙමගින් ඔබට ලැබෙන සිසිලසට අමතරව ඇති අනිත් වාසිය නම් විදුලි පංකා හා වායුසමීකරන සදහා වැය කරන ඔබගේ විදුලි බිල පාලනය කිරීමේ ඇති හැකියාවයි.
තාප්ප බිත්ති වල ඇති අනෙත් විශේෂ වාසිය වන්නේ එය ගින්නට දක්වන ප්‍රබල ප්‍රතිරෝදයයි. ලංකාවේදී මෙය එතරම් විශාල අගයක් ගෙන නොදුන්නත්, ලැව් ගිනි බහුලව ඇති රටවලට මෙය ඉතා කදීම ඉදිකිරීම් ක්‍රමයක්.
තාප්ප බිත්ති පරිසර හිතකාමී ගොඩනැගිලි නිශ්පාදන ක්‍රියාවලියක්. එය සාමාන්‍ය ගඩොල් මෙන් පිලිස්සිය යුතු නැති නිසා අඩු ශක්ති ප්‍රමානයක් භාවිතා කරන්නක්. එසේම සිමෙන්ති ගඩොල් මෙන් වැලි භාවිතයක් නැති නිසා පරිසරය මත කෙරෙන හානිය ද අවමයක්.
කපරාරු නොකරන ගඩොල් බිත්ති සේම තාප්ප බිත්තිද දිය සීරාව අල්ලනු ලබනවා. මෙයින් ආරක්ශා වීමට බිත්තිය කපරාරු හෝ තීන්ත ආලේප කල හැකියි. නමුත් මෙසේ කිරීමෙන් තාප්ප බිත්තිවල ස්භාවිකත්වය නැති වී යන බව මගේ අදහසයි. ඇත්තටම කිව්වොත් මේ බිත්ති හුස්ම ගන්නවා. කපරාරු කිරීමෙන් , තීන්ත ගැල්වීමෙන් අපි මෙම ක්‍රියාවලියට බාධා කරනවා.ඒ නිසා මමයෝජනා කරන්නේ වහල හා අත්තිවාරම් දැමීමේදී බිත්තිවලට දිය සීරාව එන්නට නොදී ඉදිකර, බිත්ති ස්භාවික ආකාරයෙන් තිබීම යෝග්‍ය බවයි,
තාප්ප බිත්ති වල සවිශක්තියට බලපාන ප්‍රධාන කරුනක් වන්නේ එය ඉදිකිරීමෙදී පස තද කරන ප්‍රමානයයි.(තෙරපුම /Degree of Compaction).තාප්ප බිත්ති සදහා යොදා ගැනෙන අමුද්‍රව්‍ය ඉතා සුලභ හා ලාභදායී උවත් අන් ක්‍රම වලට සාපෙක්ශව වැඩි ශ්‍රමයක් වැය වෙනවා. මෙය මේ ක්‍රමයේ ඇති එක අවාසියක්.මේ සදහා ඉලියමක් ලෙස වානිජමයව නිපැදවෙන පස් ගඩෝල් භාවිතා කල හැකියි.
තාප්ප බිත්ති සෑදීමට යොදා ගන්නා පසේ යම් කිසි මැටි ප්‍රතිශතයක් තිබිය යුතුයි. සමාන්‍යයෙන් පරිමාවක් ලෙස එය 10% වඩා අඩු නොවිය යුතුයි. තාප්ප බිත්තියෙදී මැට්ට බයින්ඩරයක් ලෙස ක්‍රියා කරනවා. පසේ මැටි ප්‍රතිශතය සෙවීමට සරල පරීක්ශනයක් සිදු කල හැකියි. ජෑම් බෝතලයකින් බාගයකට පස පුරවා , එයට වතුර තුන් කාලක් පමන වන තුරු මිශ්‍ර කර හොදින් සොලවා වරුවක් පමන තබන්න. අවසානයේදී ඉතාවිශාල ගල් කට පහලම තට්‍ටුවෙත් ක්‍රම ක්‍රමයෙන් බර අඩුවන් කොටස් ඉහල ස්ථර වලත් , ස්ථර ලෙස දක්නට හැකි වේවි. උඩින්ම ඇති තට්‍ටුව මැටි. මෙය මුලු පස් සාම්පලයේ මැටි පරිමා ප්‍රතිශතය දැන ගැනීමට සරල පරීක්ශණයක්. සමානයෙන් මැටි 10%-40% අතර ප්‍රමානයේ හා වැලි 35-65% සංයුතිය ඇති පස් මේ සදහා යෝග්‍යයි. කෙසේ නමුත් අත්දැකීම් මත පදනම් වෙත පසක් යෝදා ගැනීම වඩා සුදුසුයි.
එක් කල යුතු සිමෙන්ති ප්‍රමාණය පස අනුව වෙනස් විය හැකියි. නමුත් එය බොහෝවිට 6% ත් 10% අතර ප්‍රමානයක තීබීම ප්‍රමානවත්.
නූතන ඉතිහාසයේ තෙරපුම් පස් ගඩෝලක් නිශ්පාදනය කිරීමට සරල යන්ත්‍රයක් නිර්මානය කර යොදාගෙන ඇත්තේ 1950 දී පමන කොලොම්බියාවේ සිටි රාහුල් රැමිරෙස් නැමැත්තෙක්. පහත රූපයෙන් දැක්වෙන්නේ ලංකාවේදී දක්නට ලැබුනු එවන් උපකරනයක්.
rammed earth block maker |
ref : https://picasaweb.google.com/104233300575991505208/PlacesSriLankaCEBBlockPressAtNagoda#5358492659634828306.
සිමෙන්ති මිශ්‍ර නොකරන ලද තාප්ප බිත්ති, වැඩි ඝනකමිකින් යුතු වෙනවා. මෙවන් බිත්තියක ඝනකම අඩියක පමණ වෙනවා. ඝනකම් වැඩි බිත්ති යොදා ගැනීම මගින් නිවස ඇතුලත උශ්ණත්වය වැඩියෙන් පාලනය කිරීමට හේතූ වෙන අතර, පිටත ශබ්දය ඇතුලට නොදෙන නිහඩ පරිසරයක්ද ලබා දෙනවා.
පහත දැක්වෙන්නේ වානිජමව නිපදවෙන පස් ගඩොල්වලින් තනා නිම කරන ලද ලංකාවේ නිවාස කීපයක්.
ref: Mahindarathne, C. (2011, 18/10/2015). Interlocking Earth Compressed Bricks (IECB). http://refreshingsrilanka.blogspot.com/2011/11/interlocking-stabilized-earth_30.html.
Mahindarathne, C. (2011, 18/10/2015). Interlocking Earth Compressed Bricks (IECB). http://refreshingsrilanka.blogspot.com/2011/11/interlocking-stabilized-earth_30.html.
තාප්ප බිත්ති නූතන පරිසර ප්‍රශ්ණය උදෙසා ලබාදිය හැකි තිරසාර පිලියමක් (Sustainable Solution). එය තිරසාර පිලියමක් වෙන්නේ එය කොලපාට තාක්ශණය ( Green Technology) එයට එක් කර ඇති නිසා. අමුද්‍රවයක් ලෙස එය පරිසර හිතකාමීවනවා මෙන්ම නිවෙස ඇතුලේ උශ්ණත්වය පාලනය කිරීම මගින් පොසීල ඉන්ධන භාවිතයෙන් සිදුකරන ශක්ති ජනනයද සීමා කිරීමට එය උදව් වෙනවා.
Lets go green :)
references
https://picasaweb.google.com/104233300575991505208/PlacesSriLankaCEBBlockPressAtNagoda#5358492659634828306.
DOE (2010).
Guide to Passive Solar Home Design from
http://energy.gov/sites/prod/files/guide_to_passive_solar_home_design.pdf.
Edmonds, M.
How Rammed Earth Homes Work. http://home.howstuffworks.com/rammed-earth-home2.htm.
Jayasinghe,
G. compressed Cement soil earth blocks.
from http://nerdc.lk/en/sub_pgs/2_projects_Success_details.php?pid=12.
Kandamby,
T. (2014, දැරිය
හැකි වියදමට නිවසක් ඉදිකිරීම - “Affordable Housing Option”. http://csrehousing.blogspot.com/2014/05/affordable-housing-option.html.
Mahindarathne,
C. (2011, 18/10/2015). Interlocking Earth Compressed Bricks (IECB). http://refreshingsrilanka.blogspot.com/2011/11/interlocking-stabilized-earth_30.html.
N.Kamaladasa,
& C.Jayasinghe (2005). Development of efficient Construction Technique for
Rammed Earth. Engineer.
T.Kandammby,
& C.Jayasinghe (Producer). (2011) Cement Stabilised Rammed Earth for Wall
Junctions of Two Storey Houses. Civil
Engineering Reserch for Industry.
No comments:
Post a Comment