Sunday, June 19, 2016

ව්‍යුහ සැලසුම් සිවිල් ඉංජිනේරුවරයෙක් ( Structural Design Engineer) යනු කවුද ?

ව්‍යුහ සැලසුම් සිවිල් ඉංජිනේරුවරයෙක්  ( Structural Design Engineer) යනු කවුද ?

කිසියම් ගොඩනැගිල්ලක් හෝ වෙනත් සිවිල් ඉංජිනේරූමය ඉදිකිරීමක්  අපි අපගේ ශරීරයට සමාන කලහොත් ගොඩනැගිල්ලක සැකිල්ල යනු අප ශරීරය දරා සිටින ඇට සැකිල්ලය. ගොඩනැගිල්ලක මෙම සැකිල්ල නිර්මාණය හා සැලසුම් කිරීමේ  කාර්‍ය භාර්‍ය සිදුකරනේ ව්‍යුහ සැලසුම් ඉංජිනේරූවරයාය.

ව්‍යුහ ඉංජිනේරූවරයෙකුගේ සේවය අවශ්‍යවන අවස්ථා මොනවාද?

1. ඉදිකිරීම් ව්‍යපෘතියක් සදහා - නිවසක සිට මහ පරිමාණ පාලම්, ගොඩනැගිලි ඉදිකිරීම් සදහා අවශ්‍ය වන සැලසුම් සකස් කර ගැrනීම සදහා

r


2. ගොඩනැගිල්ලක පසු කාලීනව කරන වෙනසක් හෝ නව ඉදිකිරීමක් - යෝජිත නව ඉදිකිරීම හා පවතින ගොඩනැගිල්ල ආරක්ෂාකාරිව හා ලාභදායිකව සිදුකරගැනීම සදහා උපදේශකත්වය



3.  ගොඩනැගිල්ලක ව්‍යූහාත්මක දෝශයක් නිර්ණය කරගැනීම- උදාහරණයක් ලෙස  ගොඩනැගිල්ලක බිත්තියක, බීම් එකක වැනි ව්‍යුහාත්මක බලපෑමක් ඇති තැනක ඇති පැලුමක් හා එහි බලපෑම සදහා උපදේශකත්වය..

4. කිසියම් ස්භාවික අනතුරකින් පසු ගොඩනැගිල්ලක ආරක්ෂාව සදහා උපදෙස් ලබා ගෑනීම- ගංවතුර හෝ භූමිකම්පාවක් වැනි තත්වයකට ලක් වූ ගොඩනැගිල්ලක් සදහා එහි මතු ආරක්ශාව පිලිබද නිර්දේශ ලබා ගැනීම සදහා...

5. මිලදී ගැනීම සදහා අදහස් කරන ගොඩනැගිල්ලක එහි සවිශක්තිය හා කල් පැවැත්ම පිලිබද උපදේශකත්වය ලබා ගැනීම...

2 comments:

  1. Nice Blog
    Plese blog my Website as Gust Post
    https://wrengineers.in

    ReplyDelete
  2. nice article
    https://onlinecivilstudy.blogspot.com/2018/12/as-we-all-know-that-this-is-age-of.html

    ReplyDelete