මෙවර
ලිපියෙන් අප සාකච්චාවට ගැනෙන්නෙ
ඇමෙරිකාවෙ සැන් ෆ්රැන්සිස්කො
නුවර 2018 වර්ෂයේදී
විවෘත කරන ලද අළුත්ම
පාලමක් ගැන. අනු
පාලම් 9කින් සමන්විත මෙහි , ප්රධාන පාලම Cabel Stay යනුවෙන්
හැදින්වෙන පාලම් වර්ගයට අයත් පාලමක්. තේරුම් ගැනීමේ පහසුව උදෙසා, මෙම පාලමේ හරස්
කඩ ව්යුහයක් (
Longitudinal Section) පහත
දක්වා තියෙනවා.
copy rights : by Aspire; Qiyu Liu, Arup |
අඩි
273'- 4" දිග
( මීටර
82) පමන
වන මෙහි ප්රධාන
පාලම කේබල් ස්ටෙ ( Cable Stayed) වර්ගයට
අයත් පාලමක්. අනුපාලම්ද සහිතව මෙම පාලමේ මුළු
දිග අඩි
1849 ( මීටර 554) ක් පමන වෙනවා.
මෙම
පාලම ඇදා තිබෙන්නේ
සේල්ස් ෆොර්ස් අන්තර්
බස් රථ හුවමාරු මධ්යස්ථානයට ( Salesforse Transit
Center) . ප්රධාන කේබල් ස්ටේ
පාලම අවසානයේ අඩි 52'-3" ( 15m ) ක් දිග ඩ්රොප් ඉන් ස්පෑන්
( drop in Span) එකක් මගින් එය, අන්තර් බස්
රථ හුවමාරූ මධ්යස්ථානයේ දෙවෙනි
මහල හා සම්භන්ධ කෙරෙනවා.
copy rights : by Aspire; Qiyu Liu, Arup |
copy rights : by Aspire; Qiyu Liu, Arup |
මෙම
පාලමේ ඉදිකෙරුම් පිරිවැය ඇමෙරිකානු ඩොලර්
මිලියන 59.7 ක් නැතිනම්
රුපියල් බිලියන 10.75 ක් පමන වෙනවා.
එහි හිමිකාරිත්වය Transbay Joint Powers Authority සතු වෙනවා.
copy rights : by Aspire; Qiyu Liu, Arup |
මෙහි
ප්රධාන පාලමේ දිවිත්ව
බොක්ස් ගර්ඩර්ස්, එකිනෙක් යා කෙරෙනුයේ
කොන්ක්රීට් ලින්ක් බිම්
එකක් මගින්. ප්රධාන පාලමේ
කේබල් සවි වී ඇත්තේ
මෙම ලින්ක් බීම් වලට. එමගින්
පාලමට ඉණිමගක
ස්වරූපයක් ලැබෙන අතර, ඉන් ලැබෙන
වාසිය වන්නේ දිවා එලිය පාලම
යටට ලබා ගැනීමට හැකි
වීමයි. එය පාලම යට
දිවෙන අනෙකුත් පාරවල් වලට වඩා හොද
එලියක් හා නිර්මාණාත්මක බවක්
ලබා දෙනවා.
copy rights : by Aspire; Qiyu Liu, Arup |
මෙම
පාලම නිර්මාණය කිරීමේදී ඇතිවුනු තාක්ෂණික අභියෝගයන් අතරින්, ප්රධාන පාලමත් බිල්ඩිමත්
අතර වි්යුහාත්මක සම්භන්ධය
නිර්ණය කිරීම ප්රධාන තැනක්
ගනු ලබනවා. මෙහිදි
යොදා ගනු ලැබු එක්පැන්ශන්
ජොයින්ට් එක අඩි 2ක්
පමන වන පාලමේ පැති සෙලවීම්
වලට ඔරොත්තු දෙන ආකාරයේ එකක්
විය යුතුව තිබුනා. පාලම
භූමිකම්පාකට පවා ඔරොත්තු දෙන
අයුරින් නිර්මානය කර ඇති නිසා
මෙවෙන් විශාල පැති සෙලවුමකට මෙය
ඔරොත්තු දෙන ආකාරයේ එකක්
විය යුතුව තිබුනා. මේ
ගැටළුව විසදීම සදහා මොඩියුලර් ආකාරයේ
එක්පැන්ශන් ජොයින්ට් වර්ගයක් බාවිතා
කර තිබුනා. එය පාලමේ දික්
හා පැති සෙලවීම් වලට
ඔරොත්තු දෙන ආකාරයේ විසදුමක්.
අවසාන
වශයෙන් මෙය 2018 සැම්තැම්බර්
මාසයේදී භාවිතය සදහා විවෘත කරන
ලද අතර සිවිල් ඉංජිනේරූ
ව්යුහාත්මක වශයෙන්ද
ඉතා වැදගත් නිර්මානයක් ලෙස මෙය හැදින්විය
හැකියි.
the copyrights of the all photos belongs to Aspire, Qiyu Liyu of Arup . The photos are used only for educational purpose.